2025 ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
February 5, 2025 06:03 pm
මෙතෙක් ඉතිහාසයේ දෙවන වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.
ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 252,761කි.
2018 වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 238,924ක් දිවයිනට පැමිණ තිබූ අතර 2024 වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 208,253කි.
මේ අතර මසක් තුළ වැඩිම සංචාරක පැමිණීම සටහන් වන්නේ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දීය.
එම සංඛ්‍යාව 253,169කි.
මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි.
Tourist Arrivals as at 31st Jan 2025 by poornima on Scribd