header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ව්‍යවස්ථාව වහාම අහෝසි කරන්නැයි කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලයි
Feb 04, 202511:23 AM
ව්‍යවස්ථාව වහාම අහෝසි කරන්නැයි කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලයි
Mobitel 1278

යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

එනිසා පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටින බව කාදිනල් හිමියෝ සඳහන් කළහ.

77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පුජාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ජනාධිපති ව්‍යවස්ථාව නැමති ඒකාධිපති ක්‍රමයට පාර කපා දුන් නීති රාමුව තුළ නායකයින් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බව ද කියා සිටි කාදිනල් හිමි, මෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතීන් අතර පහසුවෙන් විසඳා ගැනීමට තිබූ විරසකයක් යුද්ධයකට හරවා රට තුළ භීෂණකාරී තත්ත්වයක් උදාකරලීම බව ද කියා සිටියහ.

ඉන් අනතුරුව පත්වූ පාලකයින් විසින් මාධ්‍ය මර්දනය, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම්, සුදුවෑන් සංස්කෘතිය හා විරුද්ධවාදීන් සිරගත කිරීම ආදි භීෂණ ක්‍රියා ද 90 දශකයේ සිට නිර්මාණ කළ බව ද කාදිනල් හිමි පැවසුහ.

විනාශකාරී යුද්ධය නිසාවෙන් මව්බිම ගැඹුරු ආර්ථික පරිහානියකට ගොඳුරු වූ බවත් පැවසු උන්වහන්සේ, මෙම ගමන්මඟ පසුගිය දශක දෙක තුළ වඩාත් උත්සන්න වූ බව ද කියා සිටියහ.

"අරගලය නැමති ජනතා නැගී සිටීමෙන් පසුව ස්ථාපිත වූ රජය ද බොහෝවිට ක්‍රියා කළේ, මේ වියරුවේ ක්‍රමවේදය හරහාය. පැවති රජයන් සමස්තයක් ලෙස ගත්කළ 1978න් පසුව බොහෝවිට ක්‍රියාකළේ, ඒකාධිපති බලතල තමන්ට රිසි ලෙස භාවිත කරමිනි. මේ අයගේ දරුණුම ක්‍රියාදාමය වුයේ, රටේ නීතිය තමන් කැමති ලෙස යොදවා ගන්නට නිරිලජ්ජිතව ක්‍රියාකිරීමයි. උසාවිය මර්දනයට හා උසාවියෙන් ලබාදුන් තමන්ට අවාසි සහගත තීන්දු තීරණ අවතක්සේරුවට භාජනයට වන අයුරින් ක්‍රියාකරන අයුරු අපි දුටුවෙමි. යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහිවු ඒකාධිපති වියරුව තුළ තමන්ට රිසි ලෙස පාර්ලිමේන්තුවේ තමන් සතු අසීමිත බලය හෘද සාක්ෂියකින් තොරව ඔවුන් අවභාවිත කළ රටාවක් රට තුළ බිහිවුණි...

මේ රටේ දැන් පවතින සියලුම ව්‍යවසනයන්ට හේතුවෙන ඒකාධිපති ව්‍යවස්ථාව අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් ලෙස ද අපේ රටේ නුතන ප්‍රජාතන්ත්‍රවාදය ලෙයින් තෙත් කළ භීෂණ සංස්කෘතියේ උල්පත ලෙස ද අවනීතියට ඉඩදුන් අසාධාරණ ව්‍යුහයන්ගේ සංක්ෂිප්තය ලෙස ද සැලකිය හැකි නිසා එම ව්‍යවස්ථාව වහා අහෝසි කර රට තුළ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි දුෂණයට, භීෂණයට හා අවනීතියට කිසිදු ඉඩක් ලබානොදෙන සියලු ජන කොටස් එක මවකගේ දරුවන් මෙන් එකතු කරන්නට ඉඩ සලස්සන්නට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. වත්මන් ව්‍යවස්ථාවට අනුබල දීම හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට තවදුරටත් කළ නොහැකියි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ