සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් දිවයිනට
February 3, 2025 10:07 am
දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, තුන් දින සංචාරයක් සඳහා අද (03) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පැමිණි බවත්, පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් ජොන්ටි රෝඩ්ස් ගුවන්තොටුපොළේ දී මාධ්‍යයට පැවසීය.
අද අලුයම 05.25ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-148 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජොන්ටි රෝඩ්ස්ව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.