ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අමෙරිකාවට
February 2, 2025 06:34 pm
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිළ විදෙස් සංචාරක් සඳහා අමෙරිකාවට පැමිණ තිබේ.
අද (02) පෙරවරුවේ බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකාවේ වොෂින්ටන් නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
මෙම සංචාරයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තවත් ඉහළ පෙළේ නායකයින් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධූරයට පත්වීමෙන් අනතුරුව විදේශීය නායකයෙකු සමග පවත්වන පළමු හමුව ද මෙය බව සඳහන් වේ.
එහිදී හමාස් සංවිධානය අතර පවතින සටන් විරාමයේ දෙවන අදියර පිළිබඳව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කළේය.