නිදහස් දිනය දා බන්ධනාගාර රැඳවියන්ට ලැබෙන විවෘත අවස්ථාව

නිදහස් දිනය දා බන්ධනාගාර රැඳවියන්ට ලැබෙන විවෘත අවස්ථාව

February 2, 2025   02:52 pm

නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන පෙබරවාරි 04 දින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ද ලබා දී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ ඒ අනුව සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන් හිදි සිදු කිරීමට නියමිත බවය.