නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක්

නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක්

February 1, 2025   06:17 pm

නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ඉඟුරු තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) උදෑසන කල්පිටිය පොලිස් වසමේ කන්දකුඩාව ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය.

එහිදී ඔවුන් සතුව තිබී ඉඟුරු කිලෝග්‍රෑම් 1,839ක් සොයාගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 18, 34, 37 සහ 44 ක් වයස්වල පසු වන මදුරන්කුළිය සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.