සජිත් ප්‍රේමදාස මුණගැසුණු විපක්ෂයේ පක්ෂ නායකයින්
January 29, 2025 07:22 pm
පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්ව තිබේ.
අද (29) පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදුව ඇත.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ජනතාවගේ ගැටලු ආණ්ඩුවේ අවධානයට යොමු කිරීම සඳහා සැවොම පෙළ ගැසෙන ලෙස විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බවත් සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසුවේ ආණ්ඩුවේ යහපත් දේට සහය ලබාදෙනවා මෙන්ම රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු බවත්ය.
මෙම අවස්ථාව සඳහා අනුරාධ ජයරත්න, ශානක්‍ය රාසමානික්‍යම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රවී කරුණානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියේය.