සෞදියෙන් තෑගි ලැබුණු රටඉඳිවලටත් බදු

සෞදියෙන් තෑගි ලැබුණු රටඉඳිවලටත් බදු

January 28, 2025   04:55 pm

රාමසාන් උපවාස සමය සඳහා සෞදි අරාබියෙන් ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබෙන රටඉඳි තොගයට ද ශ්‍රී ලංකා රේගුව මඟින් බදු අය කර ඇති බට අද (28) අනාවරණය විය.

ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදීය. 

එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ රටඉඳි සඳහා ඇති බදු රාමසාන් උපවාස සමයේදී රජය විසින් ලිහිල් කරන බවය.

ඒ අනුව ඊට අදාළව කැබිනට් තීරණයක් පවා ගනු ලැබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ තීරණය අනුව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම රට ඉඳි තොගය ලැබී ඇති නිසා ඒ සඳහා බදු අය කර ඇති බවත් ඊට අවශ්‍ය සහනය ලබාදීම සඳහා මේ වනවිට අවධානය යොමුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞදියෙන් ප්‍රදානය කෙරුණු මෙට්‍රික් ටොන් 50ක් වන රට ඉඳි තොගය සඳහා රේගුව රුපියල් මිලියන 33ක බදු අයකර ඇති බවද එහිදී සදහන් විය.