මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කෙරේ
January 28, 2025 12:06 pm
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහල් ගත කර තිබේ.
යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර වාට්ටුවට ඔහු ඇතුළත් කරන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
නිවසේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.