සෞදි රජයේ වාර්ෂික රට ඉඳි ප්‍රදානය මෙවරත්

සෞදි රජයේ වාර්ෂික රට ඉඳි ප්‍රදානය මෙවරත්

January 27, 2025   07:43 pm

රාමලාන් කාලසීමාවේදී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රට ඉඳි කිලෝ ග්‍රෑම් 50,000ක් පරිත්‍යාග කිරීම අද (27) පෙරවරුවේ කොළඹ දී සිදු කෙරිණි.

එම රට ඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත නිල වශයෙන් සංකේතාත්මකව භාර දුන්නේය.

මෙම අවස්ථාවට විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්විය.

සෞදි අරාබි රජය විසින් සිය මිත්‍ර රටවල් සඳහා රට ඉඳි තොග ප්‍රදානය කිරීම් වාර්ෂිකව සිදු කරනු ලබයි.