බීමතින් රිය පැදවූ පොලිස් SI රිමාන්ඩ්

බීමතින් රිය පැදවූ පොලිස් SI රිමාන්ඩ්

January 27, 2025   07:33 pm

රාජකාරී අතරතුර බීමතින් රිය ධාවනය කර අනතුරු දෙකක් සිදුකර පුද්ලයෙකුට තුවාල සිදුකිරීමක්  සම්බන්ධයෙන් වරකාපොළ තෝලංගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 10වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මෙම අනතුර වරකාපොළ තෝලංගමුව ප්‍රදේශයේදී සිදුව තිබුණේ ඊයේ (26) රාත්‍රීයේදීය.

පොලිස් කැබ් රථයක් මාර්ගයේ ගමන්ගමන්නා ත්‍රිරෝද රථයක් ද අනතුරට ලක්කරමින් ඉදිරියට නොනවත්වා ධාවනය කර තිබුණි. 

අනතුරට මුහුණදුන් පුද්ගලයා සහ එම ස්ථානයේ සිටි තවත් කිහිපදෙනෙකු අදාළ රථය හබාගොස් නවත්වාගෙන ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ රාජකාරී නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකු රථය ධාවනය කර ඇති බවය.

එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ නිලධාරියා කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී සිදුකරන උප පොලිස් පරීක්ෂකවරයෙකු වන බීමතින් ඔහු අදාළ රථය ධාවනය කරමින් සිට ඇති බවයි.

එම ස්ථානයට වරකාපොල පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.