සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

January 26, 2025   12:17 pm

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී අදාළ ධීවරයින් පිරිස සිය භාරයට ගෙන ඇති බව සඳහන්ය.

ඔවුන් පැමිණි යාත්‍රා 03ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඉන්දීය ධීවරයින් පිරිස සහ යාත්‍රා ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළේය.