හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශනගේ නඩුවේ සැකකරුවෙකුට ඇප

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශනගේ නඩුවේ සැකකරුවෙකුට ඇප

January 25, 2025   03:52 pm

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නඩුවට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

මෙලෙස ඇප නියම කරන ලද්දේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු අලෙවි කළමනාකාරවරයෙකි.

2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුරවලින් පීඩාවට පත් වූවන්ට  ආධාර ලබාදෙන බව පවසා රුපියල් මිලියන 6.1 අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු පසුගිය දා අත්අඩංගුවට ගන් ලැබීය.

එම නඩුවේ තවත් සැකකරුවකු අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. 

මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් මෙම සැකකරු පොදු දේපළ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. 

ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.