වැඩිමිලට සහල් අලෙවි කරන්නන් සොයා රාත්‍රියේත් වැටලීම්
January 24, 2025 08:20 pm
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් පසුගිය දින කිහිපය තුළ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් සියයකට අධික ප්‍රමාණයක් සිදුකර තිබේ.
එහි ඉදිරි පියවරක් ලෙස එම අධිකාරියේ නිලධාරීන් විසින් අද දිනයේද රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයෙහි වැටලීම් සිදුකර ඇති අතර එහිදී සහල් වැඩිමිලට අලෙවි කළ වෙළෙඳුන් කිහිප දෙනෙකුම නීතියේ රැහැනට හසුකරගෙන තිබේ.
එසේම ඉදිරියේදී සති අන්ත සහ රාත්‍රි කාලයේද වැටලීම් සිදුකරන ලෙස නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
මෙහිදී නිලධාරීන්ට සහල් තොග අලෙවිසැල් උපාය දූතයින් ලබා පරීක්ෂා කරමින් පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසැල් හිමිකරුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටද උපදෙස් ලැබී තිබේ.
එමෙන්ම සුපිරි වෙළෙඳසැල් ද ඇතුළුව සිල්ලර වෙළෙඳසැල්, තොග ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොහු කිරීමට ද පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත.
එමෙන්ම වෙළෙඳසැල් වැටලීම් සහ විමර්ශන සඳහා විශේෂ කණ්ඩායම් යෙදවීමට ද කටයුතු කර තිබේ.