ඇල්ල ඔඩිසී E ටිකට් වංචාවට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
January 23, 2025 11:51 am
ත්රිකුණාමලය ප්රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ දුම්රිය E ටිකට් පත් චංවාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සහ පරීක්ෂණ කටයුතු අනුවය.
සැකකරුකරු සතුව තිබී ඒ දුම්රිය E ටිකට් 92ක්ද හමුව තිබේ.
ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීම් අනුව මෙම ටිකට් පත් සංචාරකයින්ට සහ අනෙකුත් සංචාරකයින්ට වැඩි මුදලට විකිණීම සඳහා ළඟතබා ගත් බවට කරුණු අනාවරණය වී ඇත.
එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතලේ ප්රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන එ්කකය විසින් ඔවුන්ට ලත් තොරතුරකට අනුව E ටිකට්පත් 29 සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී රුපියල් 131,000 ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.
මේ අනුව, E ටිකට් පත් චංවාව සිදුකර මෙම ටිකට් පත් වෙනත් පාර්ශවයන් වෙත ලබාදුන් තැනැත්තන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.
සැකකරුවන් තිදෙනා අද (23) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.