වතු ජනතාවට නව නිවාස 4,350ක්
January 22, 2025 03:56 pm
2025 වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඊයේ (21) රජය මගින් බදු දී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම්වල ඉහළ නිලධාරීන් සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දීය.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවාගැනීම රජයේ අරමුණ වී ඇති බවය
මීට පෙර වතු ජනතාවට කියා නිවාස ඉදිකර ඒවා ලබාදී තිබුණේ දේශපාලන හිතවත්කම් මත බවත්, නව රජය යටතේ මෙම නව නිවාස ලැබිය යුතුම වතු ජනතාවට පමණක් ලබාදෙන බවත් අමත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජන සංඝණනවලට අනුව මෙරට නිවාස හිමිකාරිත්වය ගත් විට ජාතික වශයෙන් එය 83.75%ක් බවත් එය වතු ආශ්‍රිතව 5.6%ක් පමණක් බවත් එයා ඉතාම අඩු තත්ත්වයක් බව යැයි ද සඳහන් කළේය.
දිළිඳු බව අතින් ජාතික වශයෙන් 11.9% ක් වන විට වතු ආශ්‍රිතව දිළිඳු බව 29.7%ක් බවත් සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ වතු ජනතාව දිළිඳු බවින් මුදවා නිවාස ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණ බවත් කියා සිටි අමාත්‍යවරයා ඉන්දීය ආධාර මත ඉදිකෙරෙන නිවාස දසදහසින් නිවාස 1300ක් ඉදිකර අවසන් බවත්, 2025 වර්ෂය අවසන් වීමට පෙර නිවාස 4,350ක් ද, 2026 වර්ශය තුළ තවත් 4,350ක් ද ඉදිකර වතු ජනතාවට එම නිවාස ලබා දෙන බවද අවධාරණය කළේය.