ට්රම්ප් දිවුරුම් දීමේ අවස්ථාව
January 20, 2025 09:25 pm
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්රම්ප් තව නොබෝ වේලාවකින් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු මේ වනවිටත් වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේදී ආරම්භ වී තිබේ.
අමෙරිකානු සම්ප්රදාය අනුව පදවිප්රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුවත් පවතින අධික ශිත කාලගුණය සලකා මෙවර එය ගෘහස්ථ ස්ථානයක පැවැත්වීම විශේෂත්වයකි.
ඩොනල්ඩ් ට්රම්ප් මෙලෙස යළි ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නේ වසර 120කින් අනතුරුව පරාජිත ජනාධිපතිවරයෙක් නැවතත් අමෙරිකාවේ බලයට පැමිණි පළමු අවස්ථාව ලෙස වාර්තා අලුත් කරමිනි.
ට්රම්ප් දෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව වෙනුවෙන් අමෙරිකානු හිටපු ජනාධිපතිවරුන්, විදෙස් රාජ්ය නායකයින් මෙන්ම ඊලෝන් මස්ක් ඇතුළු දැවැන්තයින් ද ආරාධනා ලැබ සිටී.
දිවුරුම් දීමේ උත්සවයේදී පළමුව, උප ජනාධිපතිවරයා වශයෙන් ජේ. ඩී. වෑන්ස් දිවුරුම් දීමට නියමිත අතර ඒ අනුව ඔහු ඉතිහාසයට එක්වන්නේ එරට 50 වැනි උප ජනාධිපතිවරයා ලෙසයි.
සජීව විකාශය ඉහළින්.