ජනාධිපතිගේ උපදෙස් අනුව වැඩ වෙන්නේ නෑ - බිමල්
January 20, 2025 03:46 pm
ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව වරාය තුළ කටයුතු සිදුනොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
වරායේ තදබදය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
ප්රශ්නය - දැනට වරායේ තියෙන තදබදයට මොකක්ද ඉක්මනින් ගන්න පියවර ?
"මම අවංකව පුද්ගලිකම සටතුවෙන්නේ නැහැ. මේ සතිය තුළදී ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව හැමදෙනාම ඒක කරනවා කියලා පෙන්නේ නැහැ. මම ඒක අවංකව කියන්න ඕනේ. පැය 24ම වැඩකරන්න කියලා කිව්වට සමහර අංගන අලුයම 3.20ට කලින් වැඩ නතරවෙනවා. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම ලෑස්ති කරලා ලොරි එනතුරු හිටියා. නමුත් ලොරි වරාය තුළ තියාගෙන ඉන්නවා. ඒ වගේ අපි බලාපොරොත්තු වුණා නැව් ආයතනවල පිරිස් ඇවිත් භාණ්ඩ නිදහස් කර ගනී කියලා ඒකට හොඳම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අපි දැක්කේ නෑ පුද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් එතරම්ම සහයෝගයක් ලැබෙනවා කියලා. ඒ නිසා ජනවාරි 31 දක්වා බලනවා. ඉතින් කරුවුරුත් දායක වෙන්නේ නැත්නම් රටට ඇත්ත කියනවා. ඒ නිසා ආණ්ඩුව කැපවෙනවා නම් අනිත් අය කැපවෙන්න ඕනේ."