නිවසේ ජල පොකුණට වැටී සිඟිත්තෙකු මරුට

නිවසේ ජල පොකුණට වැටී සිඟිත්තෙකු මරුට

January 19, 2025   04:13 pm

නිවසේ ජල පොකුණට වැටී මාස 19ක් වයසැති දරුවෙකු මියගොස් ඇති බව වාද්දූව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්ය.

මව සහ පියා නිවසේ සිටියදී මියගොස් ඇති දරුවා නිවස ඉදිරිපිට එළිමහනේ ඇති ජල පොකුණ අසල රැඳී සිට ඇත.

පසුව දරුවා දක්නට නොලැබුණු බැවින් සිදුකළ සොයාබැලීමේදී ජල පොකුණට වැටී සිටියදී සොයාගෙන තිබේ.

මෘතදේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, වාද්දුව පොලිසීය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.