සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ
January 19, 2025 08:25 am
ඇද හැලෙන අදික වැසි හමුවේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අඟල් 6 බැගින් වාන් දොරටු 5ක් විවෘත කිරීමට තීරණය වී ඇති අතර පැයකට පසු එම වාන් දොරටු අඟල් 12ක් දක්වා විවෘත කිරීමට සිදුවනු ඇති බවත් සඳහන් වේ.
මේ හේතුවෙන් එම ජලාශය ආශ්රිත පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස අදාල අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ (18) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ඒ අනුව දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරලෙයිපත්තු, උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලක්කමම් හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොටඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් වෙත මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
එබැවින් එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාව මේ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දන්වා තිබේ.