EDEX EXPO හෙට BMICH හිදී ඇරඹෙයි

EDEX EXPO හෙට BMICH හිදී ඇරඹෙයි

January 16, 2025   09:48 pm

'EDEX EXPO' අධ්‍යාපන සහ රැකියා ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී හෙට (17) ආරම්භ වේ.

මෙය එළැඹෙන 19වනදා දක්වා තෙදිනක් පුරා පැවැත්වීමට නියමිතව ඇත.

වෙළෙඳ කුටි 200කින් සමන්විත මෙම ප්‍රදර්ශනය සඳහා දෙරණ මාධ්‍ය ජාලය ද සුවිශේෂී වෙළඳ කුටි 2ක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

ඉන් එක් කුටියක් මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන්ද, අනෙක් කුටිය මෝගෝ මීඩියා ඇකඩමිය වෙනුවෙන් ද වෙන්කර ඇත.

දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් කුටිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි පූරිත විජේවික්‍රම මහතා පවසා සිටියේ, දෙරණ මාධ්‍ය ජාලය තුළ පිටපත් රචනයේ (script writing) සිට පසු නිෂ්පාදනය (post production) දක්වා රැකියා අවස්ථා තිබෙන බවයි.

ඒ සඳහා අයදුම් කිරීමට හැකි මාර්ගය මෙම වෙළෙඳ කුටියෙන් පෙන්වා දෙන බවයි. 

එමෙන්ම මෝගෝ මීඩියා ඇකඩමියේ අලෙවි ප්‍රධානී කයේන් අකීල් මහතා පවසා සිටියේ, VFX, ඇනිමේෂන්, ගේම් ඩිවලොප්මන්ට් යනාදිය සඳහා කැමැත්තක් දක්වන්නන්ට මෙම වෙළෙඳ කුටියට පැමිණීමෙන් රුපියල් 50,000ක ලියාපදිංචි වට්ටමක් ලබාගත හැකි බවයි. 

එමෙන්ම මූල්‍ය ගැටලු තිබෙනවා නම් ඒ පිළිබඳවද සාකච්ඡා කර මෝගෝ මීඩියා ඇකඩමිය හා සම්බන්ධවීමේ හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.