ගල්ඔයේ ඉවුරු කැඩීයාමේ අවදානම පහව යයි

ගල්ඔයේ ඉවුරු කැඩීයාමේ අවදානම පහව යයි

January 15, 2025   10:11 pm

ගල්ඔයේ ඉවුරු කැඩීයාමේ අවදානමක් හේතුවෙන් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටි පුද්ගලයින් 135දෙනා අද (15) යළිත් සිය නිවෙස් වෙත යොමුකර තිබුණි.

ඒ වැසි තත්ත්වයේ අඩුවීම සහ සේනානායක සමුද්‍රයේ ජලයෙන් විදුලි නිෂ්පාදනය ආරම්භවීමත් සමග, අවදානම පහව යෑම හේතුවෙනි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ගල්ඔයේ ඉවුරු ඛාදනයට නීතිවිරෝධී වැලි ගොඩදැමීම් හේතුවී ඇති බවය.

අම්පාර සුදුවැල්ල සහ කොටවෙහෙර යන ගම්මානවල පදිංචි පවුල් 45ක පුද්ගලයින් 135ක් දෙනෙකු ඊයේ (14) ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගැනුණේ ගල්ඔයෙහි ඉවුරු කැඩීයෑමේ අවදානමක් මතුවීම හේතුවෙනි.

යම් ලෙසකින් ගල්ඔයේ ඉවුරු කැඩී ගියහොත් සුදුවැල්ල සහ කොටවෙ‍ෙහර යන ගම්මාන මෙන්ම අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය සහ අම්පාර නගරයේ පහළ කොටසද ජලයෙන් යටවීමේ අවදානමක් පැවතුණි.