
දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ඊයේ (12) සවස 4.45ට පමණ වෙඩිතැබීම සිදුව ඇති අතර වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාලවීමක් වාර්තා වී නොමැති බවය.
රතුපැහැති යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර තිබුණි.
කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ගේට්ටුව විවෘත කළ අවස්ථාවේදී වෙඩිප්‍රහාරය එල්ල කර ඇත.
එල්ල කරන ලද වෙඩිල්ල ගේට්ටුව අසල තාප්පයට වැදී ඇති අතර, වෙඩි උණ්ඩයේ හිස් කොපුවද වෙඩික්කරුවන් විසින් රැගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හඳුනාගෙන ඇති අතර, ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.





















































