ධනංජය ද සිල්වාගේ සහෝදරයා රිමාන්ඩ්
January 11, 2025 07:16 pm
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා හෙවත් "සංගු" නැමැත්තා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේගේ සහෝදරයා වන "සංගු" නැමැත්තා ඊයේ (10) රාත්‍රි රත්මලානේ පිහිටි සිය නිවස අසළදී පුද්ගලයෙකුට පහරදී තිබේ.
පහරකෑමට ලක් වූ පුද්ගලයා ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු නැමැත්තාගේ සහා ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයෙක් බව වාර්තා වෙයි.
අනතුරුව පහරකෑමට පත් වූ පුද්ගලයා, ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පහරදී තිබේ.
පොලීසිය සඳහන් කළේ, ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු ධනංජයගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවය.
අනතුරුව ඔහු තුවාල සහිතව සිය නිවස තුළට දිවගොස් තියුණු ආයුධයක් රැගෙනවිත් තමන්ට පහරදුන් අයෙකුට පහරදී තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාම කළුබෝවිල රෝහලට ඇතුළත් කළේය.
ඉන් පසුව ඔවුන් දෙදෙනාවම අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා මේ වනවිටත් පොලිස් ආරක්ෂාව යටතේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.