header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
කොළඹ වරායේ බහලුම් නිෂ්කාශන ප්‍රමාදයට හේතුව හෙළිවෙයි
Jan 11, 202506:24 PM
කොළඹ වරායේ බහලුම් නිෂ්කාශන ප්‍රමාදයට හේතුව හෙළිවෙයි
Mobitel 1278

කොළඹ වරායේ ඇතිව තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු එහි සඳහන් කර ඇත්තේ මේ සඳහා මූලික හේතුව බවට පත්ව ඇත්තේ බහලුම් පරික්ෂාව සඳහා ඇති ඉඩකඩ හා පහසුකම් ප්‍රමාදවීම බවය.

දැනට දිනකට බහලුම් 1500-3000 අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර භෞතික පරීක්ශාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% සිට 40% දක්වා ප්‍රමාණයක් බවත් ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කරන බවත් එහි සඳහන් වේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතාගේ සම්පූර්ණ නිවේදනය පහතින්,

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධවයි.

ආනයන බහලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් මාධ්‍ය තුලින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් වී තිබේ. මේ සඳහා මූලික හේතුව වශයෙන් රේගුව හඳුනා ගෙන ඇති කරුන නම් බහලුම් පරීක්ශාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් මඳවීමයි.

දැනට දිනකට බහලුම් 1500-3000 අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර භෞතික පරීක්ශාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% සිට 40% දක්වා ප්‍රමාණයකි. ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කෙරේ.

පරීක්ශාව සඳහා රඳවා ගන්නා බහලුම්වලින් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් එසේ රඳවා ගනු ලබන්නේ රේගුවේ අවශ්‍යතාවය සඳහා නොව අනෙකුත් රාජ්‍ය ආයතන, එනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආහාර පරීක්ශක, ශාක නීරෝධායන, සත්ව නීරෝධායන, NMRA යන ආයතනවල අවශ්‍යතාවය සඳහා වේ. කෙසේ වෙතත් මේ සියලුම ආයතන සිදු කරන්නේ නීති ප්‍රකාරව මහජනතාවගේ සුභසිද්ධිය සංදහා ඉටු කල යුතු සේවාවකි.

දැනට බහලුම් පරීක්ශාව සඳගා ඇති අංගන 03 හි ධාරිතාවය බහලුම් 350 කි. දිනකට බහලුම් 2000ක් ආනයනය කලහොත් ඉන් 800ක් පරික්ශාව සඳහා යොමු වේ. සමහර දිනවල බහලුම් 3000ක් පමන ආනයනය කෙරේ. එවිට ඇතිවන තත්වය විස්තර කිරීම අවශ්‍ය නොවේ.

රේගුව විසින් පරීක්ශාව සඳහා තෝරා ගැනෙන්නේ ඉහල අවදානමක් ඇති බහලුම් වේ. දැනට පරීක්ශා කරන බහලුම් වලින් 65% ක රේගු වැරදි සොයා ගැනේ.

රාජ්‍ය ආදායම සුරක්ශිත කිරීම, හොරබඩු ජාවාරම වැලැක්වීම, ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්ණය කිරීම හා භාණ්ඩවල ප්‍රමිතිය පවත්වා ගැනීම මෙසේ භාණ්ඩ පරීක්ශා කිරීමෙන් බලාපොරොත්තු වේ.

දැනට බහලුම් නිශ්කාශන ක්‍රියාවලියට ආනයනකරුවන්ගෙන්, නිශ්කාශන නියෝජිතයන්ගෙන්, ප්‍රවාහන නියෝජිතයන්ගෙන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රේගුවට නිසි පරිදි සහයෝගයක් නොලැබීමද ප්‍රමාදයට හේතු වී ඇත. විශේෂයෙන් නිශ්කාශන නියෝජිතයන් නිසි වේලාවට භාණ්ඩ පරීක්ශණය සඳහා නොපැමිණීම, පිටකොටුවේ ගොඩබෑමට ඇති බහලුම් රාත්‍රී 10 පසුවන තෙක් අංගනවලින් ඉවත් කිරීමට ආනයනකරුවන් ක්‍රියා නොකිරීම නිසා එම අංගනවල ඉඩකඩ ඇහිරීම තුලින් වැඩි බහලුම් තොගයක් පරීක්ශා කිරීමට නොහැකිවීම, අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් අවශ්‍ය ප්‍රමානයට අනුයුක්ත නොකිරීම හා මුලු කාලය පුරා රැඳී ඔවුන් සේවයේ නොසිටීම යන කරුණු රේගුවේ පාලනයෙන් තොර වුවත් ඒ සියලුම කරුණුවලට රේගුවට වගකීමට සිදුවී ඇත.

එසේම වංචා සහ දූෂන ක්‍රියා රේගුවෙන් තුරන් කිරීම සඳහා රේගුව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් නිලධාරීන් වැඩි අවධානයකින් යුතුව භාණ්ඩ පරීක්ශාව සිදුකිරීම නිසාද දිනකට පරීක්ශා කෙරෙන බහලුම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇත.

ශ්‍රී ලංකා රේගුවට භාණ්ඩ පරීක්ශාව සඳහා ඇති ඉඩකඩ වැඩි කිරීමට 2020 වසරේදී යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් සක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර කෙරවලපිටිය ප්‍රදේශයේ සුදුසු ඉඩමක්ද වෙන් කෙරුනත් ඉන් ඉදිරියට කිසිවක් සිදු නොවීම නිසා වර්ථමාන අර්බුධයට මුහුණ දීමට සිදුවී ඇත.

කෙසේ වෙතත්, වර්ථමාන රජය විසින් නැවතත් කෙරවලපිටිය යෝජිත රේගු පරීක්ශන මධ්‍යස්ථානය ඉදිකිරීම හෝ විකල්ප ක්‍රියාමාර්ගයක් තුළින් මේ ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. එමෙන්ම කෙටි කාලීන විසඳුමක් ලෙස පුද්ගලික අංශයේ පරීක්ශණ අංගන භාවිතය පිලිබඳ අවධානයද යොමු වී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

"මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

 "අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

"අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

 රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල