රෝහල්වලට ලැබෙන ආධාර ගැන සෞඛ්‍ය ඇමති යළිත් කතා කරයි
January 10, 2025 04:46 pm
සැලසුමකින් තොරව රජයේ රෝහල්වල ධාරිතාවය සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යංශයටද විවිධ ගැටළු සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සීදුව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව නිරීක්ෂණයකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ රජයේ රෝහල්වල ගොඩනැගිලි සහ වෛද්‍ය උපකරණ අනවශ්‍ය පරිදි ලබාදීම නිරන්තරයෙන් සිදුවන බවත් අනතුරුව ඒවා භාවිතයට කාර්ය මණ්ඩල සපයා නොමැති බවට අමාත්‍යංශයට චෝදනා එල්ලවන බවත් ය.
මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා 2020 වසරේ සිට මේ දක්වා රෝහලේ කාර්ය සාධනය, රජයේ ප්‍රධාන, ඉපැයීම් සහ වියදම්, පරිත්‍යාග ලැබීම් මෙන්ම 2025 වසරට අදාළව වෛද්‍ය උපකරණ, ගෘහභාණ්ඩ සහ ගොඩනැගිලිවලට අදාළ මුළු ඇස්තමේන්තුගත ප්‍රධාන අයවැය ඇතුළු පරිපාලන කටයුතු පිළිබඳව ද දැඩි අවධානයකින් යුතුව කරුණු සොයා බලනු ලැබීය.
එමෙන්ම රෝහලේ අක්‍රීය ව පවතින උපකරණ යථා තත්ත්වයට පත්කර රෝහල මගින් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවා වැඩිදියුණු කරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.