මහපොළවේ පැළ කරන්න යන ලියබලය
January 10, 2025 01:15 pm
ගෝලීය ප්රවණතා හඳුනාගනිමින්, රටේ ආර්ථිකයට දායකත්වයක් දැක්විය හැකි පරිදි මෙරට කාන්තාවන් සවිබලගැන්විය යුතු බව සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා පවසයි.
සර්වජන බලය මූලස්ථානයේ ඊයේ (09) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, බලය ලබාගැනීමට පමණක් කාන්තාවන් භාවිත කරන මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවය.
"ඉතිහාසය පුරා සිද්ධ වුණේ... මේ කාන්තාවන් සම්බන්ධ දේශපාලනය හැමවිටම කාන්තාව භාවිත වුණ දේශපාලනයක්. ඒ නිසා තමයි අපි කියන්නේ නිර්මාණශීලිව කාන්තාව සවිබල ගැන්විය යුතු බව. බලය ගන්න තෙක් බලාගෙන ඉන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. අපි පටන් ගත්තේ බලයක් නැතුව. ඉතින් අපිට පුළුවන්... හැම අවස්ථාවකම කාන්තාව ව්‍යවසායකත්ව බලගැන්වීම සඳහා උදව් කරන්න. සර්වජන ලියබල ඒ වෙනුවෙන් කටයුතු කරනවා."