
මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වෙයි.
ආරක්ෂාව ප්‍රමුඛව දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා වර්ධනය කරගැනීම මෙම සංචාරයේ මූලික අරමුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවී පුළුල් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
















































