ජනවාරි සහ පෙබරවාරි මාසවලදී විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්
January 7, 2025 06:43 pm
මෙම වසරේ (2025) ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා විශේෂ දුම්රිය ධාවනය කිරීමට ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සතිඅන්ත නිවාඩු වෙනුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ද මෙම විශේෂ දුම්රිය ධාවනය සිදුකිරීමට නියමිතය.
පහත දක්වා ඇති පරිදි විශේෂ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇත.
1) විශේෂ දුම්රිය අංක 01 - කොළඹ කොටුව සිට බදුල්ල දක්වා
කොළඹ කොටුවෙන් පිටත්වීම - රාත්රී 07:30 ට
ධාවනය කරනු ලබන දින - ජනවාරි 10, 12, 14, 17, 19, 24, 26, 31 සහ පෙබරවාරි 02, 04 යන දිනයන්.
2) විශේෂ දුම්රිය අංක 02 - බදුල්ල සිට කොළඹ
බදුල්ලෙන් පිටත්වීම - සවස 05:40 ට
ධාවනය කරනු ලබන දින - ජනවාරි 10, 12, 14, 17, 19, 24, 26, 31 සහ පෙබරවාරි 02, 04 යන දිනයන්.
3) විශේෂ නගරාන්තර දුම්රිය (4021 4022) කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර
කොළඹ කොටුවෙන් පිටත්වීම - අළුයම 05:30 ට
කන්කසන්තුරෙන් පිටත්වීම - දහවල් 01:50 ට
ධාවනය කරනු ලබන දින - ජනවාරි10, 13, 14, 15, 17, 20, 24, 27,31 සහ පෙබරවාරි 03, 04 යන දිනයන්.