රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත සංශෝධනය කිරීමට කමිටුවක්

රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත සංශෝධනය කිරීමට කමිටුවක්

December 31, 2024   12:46 pm

රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත සංශෝධනය කිරීමට  කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම ඇප ආඥාපන අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා ඇපකරයක් නියම කිරීම මගින් එකී රාජ්‍ය නිලධාරියා ස්වකීය රාජකාරි ඉටු කිරීමේදි තමා අතින් රජයට සිදුවිය හැකි පාඩු ඔහු විසින් තබන ලද ඇපකරයෙන් අයකර ගැනීම සිදුකරනු ඇත.

එම ක්‍රියාලිය සරල හා කාලෝචිත අයුරින් සිදු කිරීමට හැකි වන පරිදි රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත පූර්ණ ප්‍රතිශෝධනයකට ලක් කිරීමට අවශ්‍ය සංශෝධන හඳුනාගැනීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කර තිබේ.

ඒ අනුව එකී රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.