
චීන රජයේ අනුග්‍රහය ලබන හැකර්වරයෙකු විසින් අමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පද්ධතිවලට ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති බවට අමෙරිකාව චෝදනා කරයි.
අදාළ හැකර්වරයා විසින් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සේවා ස්ථාන සහ ලියකියවිලි වෙත පසුගිය දා ප්‍රවේශ වී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නීති සම්පාදකයින්ට දැනුම් දී ඇත.
ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා එෆ්.බී.අයි ආයතනය ඇතුළු අනෙකුත් විමර්ශන කණ්ඩායම් සමග කටයුතු කරමින් සිටින බව ද සඳහන්ය.
කෙසේවෙතත් වොෂින්ටනයේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ අදාළ චෝදනාව කිසිදු සත්‍ය පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති බවය.





















































