
පාකිස්තානය තවදුරටත් BRICS සංවිධානයේ ස්ථිර සාමාජිකත්වය ලබාගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිය සාමාජිකත්වය සඳහා සහාය ලබාගැනීමට පාකිස්තානය BRICS සාමාජික රටවල් සමග සම්බන්ධවී සිටින බවය.
BRICS ජාතීන් විසින් පිහිටුවන ලද ආයතනයක් වන නව සංවර්ධන බැංකුවට (NDB) ඇතුළත් වීමට පාකිස්තානය ද උත්සාහ කරමින් සිටින බව එම වාර්තා පවසයි.
එසේ වුවද, BRICS හි නව සාමාජිකයෙකු ලෙස, පාකිස්තානය එක් වුවද මූලික වශයෙන් ආර්ථික ගැටලු කෙරෙහි අවධානය යොමු කරනවා මිස සමූහයට සැලකිය යුතු කිසිවකින් දායක වීමට පාකිස්තානයට ඉඩක් නොමැති බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.





















































