උතුරු මැද හිටපු මහ ඇමති ඇතුළු පිරිසක් සර්වජන බලයට

උතුරු මැද හිටපු මහ ඇමති ඇතුළු පිරිසක් සර්වජන බලයට

December 27, 2024   09:09 pm

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්වුණි.

ඒ එම පක්ෂයේ කාර්යාල පරිශ්‍රයේදී පැවති විශේෂ හමුවකදීය.

හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සහ එම පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ පුත් අංජන දිසානායක ඇතුළු අම්පාර දිස්ත්‍රික් නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් ද අද සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්හ.

ඒ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනි.