
අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, කෘතිම බුද්ධිය (AI) පිළිබඳ ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක ලෙස ඉන්දියානු-අමෙරිකානු ව්‍යවසායකයෙකු සහ එරට ධනපති ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීරාම් ක්‍රිෂ්ණන් පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ ක්‍රිෂ්ණන් රජය හරහා AI ප්‍රතිපත්තිය හැඩගස්වා සම්බන්ධීකරණය කරන බවය.
ට්‍රම්ප් පවසන්නේ ක්‍රිෂ්ණන්ගේ වෘත්තීය ජීවිතය ගැන සහ ඒ ඔස්සේ ඔහු ලබාගෙන ඇති ජයග්‍රහණ ගැන සතුටට පත්වන බවය.



















































