පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි
December 17, 2024 09:35 am
10 වන පාර්ලිමේන්තුවේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා ඉදිරියේ අද (17) දිවුරුම් දුන්හ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරුන් ලෙස අර්ජුන සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මොහොමඩ් ෆයිෂර් මුස්තාෆා යන මන්ත්‍රීවරුන් මෙසේ දිවුරුම් දුන්හ.
නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු මෙම නව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබූහ.
පසුගිය නොවැම්බර් 21 වැනිදා 10 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අභිනවයෙන් රැස් වූ අතර එදින අභිනව මන්ත්‍රීවරුන් සිය දිවුරුම්දීම සිදු කළේය.
ඒ වන විට සමගි ජන බලවේගයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 4ක් සඳහා නම් ගැසට්කොට නොතිබුණු අතර පසුගිය 12 වෙනිදා මෙම නව මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කොට තිබුණි.
ඒ අනුව මෙසේ එම මන්ත්‍රීවරුන් සිව්දෙනා අතරින් තිදෙනෙකු අද දිවුරුම්දීම සිදුවිය.
එසේම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබූ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සඳහා නම ගැසට්කොට නොතිබුණු අතර පසුගිය 11 වෙනිදා එම මන්ත්‍රීධුරය සඳහා නම ගැසට් කොට තිබුණි.
මේ අනුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා මොහොමඩ් ෆයිෂර් මුස්තාෆා මහතාද අද දින දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීම සිදුකළේය.
මින් පෙර අර්ජුන සුජීව සේනසිංහ, මනෝ ගනේෂන් සහ මොහොමඩ් ෆයිෂර් මුස්තාෆා යන මහත්වරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් ලෙස කටයුතු කොට තිබේ.