ජනපති සහ ඉන්දීය ජනපතිනිය අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ජනපතිනිය අතර හමුවක්

December 16, 2024   10:32 pm

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ජනාධිපති දෞපදි මුර්මු මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී අද (16) පස්වරුවේ එම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී ඉන්දු - ලංකා දිගු කාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබේ.

සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබීය.