
2025 වසරේ අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යංශ මට්ටමෙන් සිදුකරන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
ඒ්, ජනාධිපති කාර්යාලයේදීය.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එක්වී තිබුණි.



















































