header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්
Dec 07, 202402:08 PM
ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්
Mobitel 1278

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ ඔහුව එළඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ය.

ලොහාන් රත්වත්තේ මහතා සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී ඊයේ (6) අනතුරක් සිදුවිය.

අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ලොහාන් රත්වත්තේ මහතා බීමතින් රිය පදවා ඇති බවය.

ඒ අනුව බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදු කිරීමේ චෝදනා මත පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ මහතාව කටුගස්තොටදී, මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඒ ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී සොයාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඒ අනුව මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවය.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත මුදාහැරුණේ පෙරේදා (05) දිනයේ ය.

එහිදී ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණි.

රත්වත්තේ මහතාගේ බිරිය වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියද නොවැම්බර් 4 වනදා අත්අඩංගුවට ගත් අතර, අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය දැනුවත් භාවයකින් පසු වී ඇතැයි විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ මහත්මියව ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

කෙසේවෙතත් ඇයව ද පෙරේදා ඇප මත මුදාහැරුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි