
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (7) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
ඇප මත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී ඊයේ (6) අනතුරක් සිදුවිය.
අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ ලොහාන් රත්වත්තේ මහතා බීමතින් රිය පදවා ඇති බවයි.
ඒ අනුව බීමතින් රිය ධාවනය කර රිය අනතුරක් සිදු කිරීමේ චෝදනා මත පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට ගනු ලැබීය.
















































