කැබිනට් මාධ්‍ය හමුව මෙතැනින්

කැබිනට් මාධ්‍ය හමුව මෙතැනින්

December 3, 2024   02:05 pm

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වනවිට පැවැත්වෙයි.

එහි සජීවී දර්ශන ඉහතනි නරඹන්න...

එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ,

අස්වැසුම හිමි පවුල්වල දරුවන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබාගැනීමට එක් දරුවෙකුට රු 6000ක දීමනාවක්.

අස්වැසුම හිමි නොවන (තෝරාගත්) පවුල්වල දරුවන්ටත් එය ලබාදීමට නියමිතයි. 

--
සහල් හිඟයට විසඳුමක් ලෙස ඇතැම් ආනයන සීමාවන් තාවකාලිකව ඉවත් කර 2024 දෙසැම්බර් 20 දක්වා සහල් ආනයනය සඳහා අවසර.

--

අස්වැසුම ප්‍රතිලාභ හිමි කාලසීමාව දීර්ඝ කරයි.

දුප්පත් වර්ගීකරණය යටතේ හිමිවූ අස්වැසුම  රු 10,000 දක්වා වැඩි කෙරේ.

අන්ත දිළිඳු වර්ගීකරණය යටතේ හිමිවූ අස්වැසුම රු 17,500 දක්වා වැඩි කෙරේ.

--

රාජ්‍ය ආයතනවලට අධික වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීමට යෝජනාවක්.

--

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සකස් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය.

පක්ෂ නායක රැස්වීමේදී එකඟ වුණා දැනට කැඳවා තිබෙන නාමයෝජනා යළි කැඳවා අලුතින් නාමයෝජනා කැඳවීමට.

--

අවිධමත් ලෙස බඳවාගෙන රාජ්‍ය සේවයේ තැන් තැන්වල ඉන්න උපාධිධාරීන් පිළිබඳ ස්ථීර විසඳුමක් ලබාගැනීමට කමිටු 2ක් පත් කිරීමට අනුමැතිය.

--

රජයේ රෝහල්වල, සායනවල පවතින ඖෂධ හිඟයට පිළියමක් ලෙස දේශීය නිෂ්පාදකයින් සඳහා වැඩි අවස්ථාව.

--

පැවැති යහපත් කාලගුණය හමුවේ ආපදාවලින් පීඩාවට පත් පවුල් වෙනුවෙන් සහන සැලසීමට වැඩපිළිවෙලක්.

--

2025 වසරේ නිදහස් දිනය උත්සවයේ සංවිධාන කටයුතු සඳහා මගපෙන්වීමට 17 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට අනුමැතිය.