පොලීසියට ඔත්තු දුන්නැයි සෙල්ලකතරගමදී අයෙකු ඝාතනය කරයි

පොලීසියට ඔත්තු දුන්නැයි සෙල්ලකතරගමදී අයෙකු ඝාතනය කරයි

December 3, 2024   01:50 pm

ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ දේහය රැගෙන ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (02)  රාත්‍රියේ විරෝධතාවයක නිරත ව තිබේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් සිදුකළ බව කියන මෙම ඝාතනයට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය හිතවතෙකුගේ නිවසේ රැඳි සිටියදී එහි පැමිණි පිරිසක් නිවසේ හිමිකරු සමග ආරවුලක් ඇති කරගෙන තිබේ.

එම ගැටුමට මැදිහත්වීමේදි මෙම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ගම්වාසීන් කතරගම පොලීසියට විරෝධය පළකළේය.

"විශ්ණු දේවාලය අසලදී තමයි මේ බල්ලෙක් වගේ මරලා දාලා තියෙන්නේ චණ්ඩි පිරිසක් ඇවිල්ලා කඩු අරගෙන. මම මේ කතරගම පොලීසියත් එක්ක නිතරම විරුද්ධයි. ඕන ජාමෙක මම ගරු කරනවා පොලීසියිට මේ ගමේ ගංජා, කුඩු නැති කළොත්.

මේ අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දේහය මරණ පරීක්ෂණ කටයුතුවලින් පසු ඊයේ රාත්‍රියේ ඥාතීන්ට භාර දී ඇති අතර එය සෙල්ලකතරගම නගරයට රැගෙන ආ ඥාතීන් විරෝධතාවක නිතර වී තිබේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පොලීසියට දැනුම්දීමේ සිද්ධියකට පළි ගැනීමක් ලෙස සිදුකළ මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දැක්වූ කතරගම පොලීසිය පැවසුවේ ගම්වාසීන් එල්ලකරන මෙම චෝදනාවලට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි අතර මේ සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ඇති බවයි.