විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

December 2, 2024   07:21 pm

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සදහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කිරීමට තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු ද වන ගයන්ත කරුණාතිලක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.