නිර්මාණශීලී කර්මාන්තයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෝගෝ මීඩියා ඇකඩමිය ඇරඹෙයි
November 30, 2024 08:07 pm
ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී කර්මාන්තයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෝගෝ මීඩියා ඇකඩමිය අද (30) ආරම්භ කෙරිණි.
තරුණ පරම්පරාවට වෘත්තීය ගෝලීය වෙළෙඳපොළේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය අභිමානවත් නිපුණතා ලබාදීම මෙහි මූලික අරමුණ වේ.
නව තාක්ෂණය මුසු Animation ක්‍රියාකාරකම් නූතන සිනමාවේ සහ විද්‍යුත් මාධ්‍යයේ ඉදිරියට යාම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.
මෝගෝ මීඩියා ඇකඩමිය ස්ථාපිත කෙරුණේ ඒ වෙනුවෙන් දක්ෂයන් බිහිකිරීම අරමුණු කර ගනිමිනි.
ඒ අනුව කොළඹ 10, සේරම් පෙදෙසේ පිහිටි මෝගෝ මීඩියා ඇකඩමියේදි අද එහි පළමු කණ්ඩායම ලියාපදිංචිය සිදු කෙරිණි.
30 දෙනෙකුගෙන් යුත් එම පළමු කණ්ඩායම Animation සහ Game Development ඩිප්ලෝමා සඳහා එක්ව සිටියි.
මොගෝ මීඩියා ඇකඩමිය මගින් ජීව Animation,Game Development, VFX, Concept Art,Modeling and Texturing ඩිප්ලෝමා හැදෑරීමට ඕනෑම අයෙකුට අවස්ථාව හිමි වන අතර මෙම ඩිප්ලෝමා සියල්ල වසරක අධ්‍යයන කාලයකින් සමන්විතය.
ඔවුන්ට අන්තර්ජාතික සුදුසුකම්ලත් ආචාර්ය මණ්ඩලයක් මගින් මාර්ගෝපදේශ හිමිවන්නේ ගෝලීය වෙළඳපොලේ අවශ්‍යතාවන්ට ගැලපෙන අධ්‍යාපනයක් ලබාදෙමිනි.
ඒ අනුව මීළඟ කණ්ඩායම ලියාපදිංචිය 2025 ජනවාරි මාසයේ ආරම්භ කෙරෙන අතර www.mogoacademy.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ (011) 728 8300 අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.