වනඅලි ප්‍රහාරයකින් නාවික හමුදා නිලධාරියෙක් මරුට

වනඅලි ප්‍රහාරයකින් නාවික හමුදා නිලධාරියෙක් මරුට

November 30, 2024   04:11 pm

පූනෑව නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙකු වනඅලි ප්‍රහාරයකට ලක්වී මියගොස් තිබේ. 

ඒ, ඊයේ (29) රාත්‍රියේ නාවික හමුදා කඳවුර අසලදී ය.

ඔහු ජේ.ඒ.එම්.සී ජයකොඩි නමැති නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙකි.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ නිලධාරියා පූනෑව නාවික හමුදා කඳවුරේ ප්‍රවාහන අංශය භාරව කටයුතු කළ නිලධාරියෙක් බවය.

ඊයේ රාත්‍රී 9:30ට පමණ නාවික හමුදා කඳවුර අසලදී පාගමනින් ගමන් ගත් අවස්ථාවේදී ඔහු මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව තිබේ.

අනතුරුව ඔහුව වවුනියාව මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව පූනෑව පොලීසිය පැවසීය.