header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විරල ගණයේ සිව් නිවුන් දරු උපතක්
Nov 30, 202403:49 PM
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විරල ගණයේ සිව් නිවුන් දරු උපතක්
Mobitel 1278

දරු සම්පතක් යනු මව්පියන්ට හිමිවන ඉහළම සතුටකි.

ඒ අතරින් නිවුන් දරු උපතක් යනු මව්පියන්ගේ සතුට දෙගුණ තෙගුණ කරවන්නක් ද වේ.

ඒ අනුව දුර්ලභ සිව් නිවුන් දරු උපතක් අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් අද දෙරණට වාර්තා විය.

මෙම වාසනාවන්ත සිව් නිවුන් දරු උපතට හිමිකම් ලැබුවේ 28 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවකි.

ඇය පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙම සිව් නිවුන් දරුවන් බිහිකරන්නේ වසර ගණනක් දරුපල ප්‍රමාදව සිටින අතරතුරයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය මව් කුසතුළ සිටින්නේ සිව් නිවුන් දරුවන් බවට හඳුනාගත් මොහොතේ පටන් නිරෝගී දරු උපතක් වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරා තිබේ.

සිසේරියන් සැත්කමක් මගින් මෙලොව එළිය දුටු මේ දරුවන් මේ වනවිට නොමේරූ ළදරු ඒකකය තුළ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් පවසයි.

එමෙන්ම මවගේ සෞඛ්‍ය තත්ත්වයද ඉතා යහපත් බවද වෛද්‍යවරු පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක් වාර්තා වීම ප්‍රථම අවස්ථාවට සිදුවීම හේතුවෙන් එය රෝහලට ඉතා වැදගත් සිදුවීමක්ද වී තිබේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය දිනේෂ් බියගම මහතා පැවසුවේ මෙවන් අදහසක්.

"මේක ඉතාම විරසල අවස්ථාවක්. හේතුව තමයි සිව් දරු උපත් සිදුවන්නේ බොහෝ වෙලාවට මද සරු බවට ප්‍රතිකාර ගන්නකොට. නමුත් කිසිම ප්‍රතිකාරයක් නොමැතිව බබාලා හතරක් එකපාර පිළිසිඳ ගැනීම බොහෝම කලාතුරකින් සිදුවන්න පුළුවන් දෙයක්. අපිට පුළුවන් වුණා මවගේ පූර්ව ප්‍රසව කාලය සති 31 දක්වා ගෙනයන්න. ඒ නිසා අපිට සාමාන්‍යෙයන් කිලෝග්‍රෑම් 1.4-1.5ත් අතර බබාලා හතරම නිරෝගීව සිසේරියන් සැත්කමකින් බිහිකරගන්න පුළුවන් වුණා."

අනුරාධපුර ශික්ෂණ රෝහල යනු අනුරාධපුර ඇති ප්‍රධානම රෝහලයි. මෙම රෝහල තුළ මසකට දරු උපත් 600කට අධික සංඛ්‍යාවක් සිදුවේ.

ඒ අතරින් 75ක් පමණ නොමේරූ ළදරු ඒකකවලට යොමු කිරීම අනිවාර්ය වුවත් රෝහල තුළ නොමේරූ ළදරු ඒකකයට අවශ්‍ය දරුවන්ගේ උෂ්ණත්වය රඳවාගැනීමේ යන්ත්‍ර හෙවත් ඉන්කියුබේටර් යන්ත්‍ර අවම වීම මේ වනවිට විශාල ගැටලුවක් බවට පත්ව තිබේ.

වෛද්‍යවරු පැවසුවේ රෝහල තුළ මේවනවිට ඉන්කියුබේටර් යන්ත්‍ර 6ක් පමණ පවතින නමුත් එම යන්ත්‍ර ද නිසි ක්‍රියාකාරීත්වයෙන් තොර බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්.ආර්.එස්.යූ.සී.රණවක මහතා පැවසුවේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් නුදුරු අනාගතයේදී මෙම ඒකයෙන් ලබා දෙන ප්‍රතිකාර අඩාල විය හැකි බවය.

"අඩු මාසයෙන් අඩු බරින් ඉපදුනාම විවිධ සංකූලතා එන්න පුළුවන්. පෙනහැලි ආබාධ, මොලයට ලේ ගැලීම්, බඩවැල් නරක්වීම්, සහ විෂබීජ යෑමේ ප්‍රවනතාව. ඒවා සුපරීක්ෂාකාරීව පරීක්ෂා කරමින් එම දරුවන්ට ප්‍රතිකාර කළ යුතුයි. මේ දවස්වල පවතින විශාලම ගැටලුව වන්නේ එම ඉන්කියුබේටර් යන්ත්‍ර අඩුම වශයෙන් 12ක් මෙම ඒකකයේ තිබිය යුතුයි. දැනට තියෙන්නේ එම ඉන්කියුබේටර් යන්ත්‍ර 6ක් පමණයි. මෙම 6ත් උපරිම ආකාරයෙන් ක්‍රියාකරන්නේ නෑ. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් මෙම ඒකකය මගින් ලබා දෙන ප්‍රතිකාර අනාගතයේදී අඩාල වෙන්න පුළුවන්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

 එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි