header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
ප්‍රබල අමෙරිකානු අවි රුසියාව දෙසට
Nov 18, 202404:00 PM
ප්‍රබල අමෙරිකානු අවි රුසියාව දෙසට
Mobitel 1278

යුක්‍රේන යුද්ධයේ තීරණාත්මක වෙනසක් මෙන්ම එහි අනතුරුදායක වර්ධනයක් අපේක්ෂා කළ හැකි පියවරක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අද (18) වාර්තා කර තිබේ.

ඒ අමෙරිකාව විසින් සපයනු ලබන දිගු දුර මිසයිල ඇතුළු නවීන යුද අවි රුසියානු භූමිය තුළට එල්ල කිරීම සඳහා යුක්‍රේනයට අවසර ලබාදීමයි.

රුසියාව එල්ල කරන දැවැන්ත ප්‍රහාර හමුවේ තමන්ට වාසිදායක තත්ත්වයක් ලබාගැනීමට නම් මේ ආකාරයෙන් අමෙරිකානු මිසයිල රුසියානු භූමියේ අභ්‍යන්තරයට එල්ල කිරීමට හැකියාවක් තිබිය යුතු බව යුක්‍රේන ජනාධිපති වොලොඩොමීර් සෙලෙන්ස්කි බොහෝ කලක සිට දැරූ මතයකි.

එහෙත් යුද්ධය ව්‍යාප්ත වීමේ අවදානම මෙන්ම රුසියාව සිදුකරන අනතුරු ඇඟවීම් හමුවේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුක්‍රේනයට මෙතෙක් ඒ සඳහා අනුමැතිය ලබා නොදීමට පියවර ගෙන තිබුණි.

විචාරකයන් මෙය හඳුන්වා දී ඇත්තේ ජනපති බයිඩන් විසින් මේ වන විට ගෙන ඇති තීරණය යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකාවේ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන වෙනසක් ලෙසය.

ජනපති බයිඩ්න් මේ තීරණයට එළඹී ඇත්තේ ජනාධිපතිරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් පරාජයට පත්වී යුක්‍රේන යුද්ධය නවතන බව කියන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්ව ඇති පසුබිමක වීම විශේෂ කරුණකි.

එහෙත් ලබන ජනවාරි 20 වැනිදා ට්‍රම්ප් ජනාධිපති පදවියේ දිවුරුම් දෙනතුරු අමෙරිකාවේ සේනාධිනායකයා ලෙස තවදුරටත් කටයුතු කරනුයේ වත්මන් ජනපති ජෝ බයිඩන් ය.

මේ නිසා ඔහු ගන්නා පියවර එළඹෙන ට්‍රම්ප් පරිපාලනයට බලපාන්නේ කෙසේද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.

දේශපාලන විචාරකයන් පැවසුවේ ට්‍රම්ප් ජනපති ධුරයට පත්වූ පසු බයිඩන්ගේ මෙම තීරණය වෙනස්කරන්නේද යන්න පැහැදිලි නොමැති බවය.

කෙසේ නමුත් අමෙරිකානු අනුමැතිය ලැබීමත් සමග යුක්‍රේනය රුසියාව අභ්‍යන්තරයට අමෙරිකානු අවි වලින් පහරදීම කඩිනමින් ආරම්භ කරනු ඇති බව ද වාර්තා වේ.

එහෙත් ආරක්ෂක හේතූන් මත එම ප්‍රහාරක සැලසුම් මාධ්‍ය වෙත අනාවරණය කර නොමැත.

යුක්‍රේනයට අමෙරිකානු අවි රුසියාව අභ්‍යන්තරයට එල්ල කිරීම සඳහා අවසර දීමට බලපා ඇති එක් කරුණක් ලෙස විචාරකයන් පෙන්වා දී ඇත්තේ උතුරු කොරියානු හමුදා රුසියාවේ සහායට පැමිණීමය.

එය අනතුරුදායක ප්‍රවණතාවක් ලෙස අමෙරිකාව ඇතුළු බටහිර රටවල් හඳුන්වා දී තිබේ.

අමෙරිකාවෙන් ලැබුණු අනුමැතිය යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අනාවරණය කළේ අමෙරිකානු මිසයිල යුද්ධයේ වෙනසක් ඇතිකරනු ඇතැයි පවසමිනි.

එහෙත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය හෝ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

රුසියානු ජනපති පුටින්ගෙන් නැතහොත් ක්‍රෙම්ලින් මන්දිරයෙන් අමෙරිකානු පියවරට කඩිනම් ප්‍රතිචාරයක් දක්වා නැතත් ඒ සම්බන්ධයෙන් රුසියානු පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් අදහස් දක්වා තිබුණි.

කෙසේ නමුත් යුක්‍රේනයට මෙවැනි අවසරයක් ලබාදුනහොත් එය අනතුරුදායක ලෙස ගැටුම් උත්සන්න කිරීමක් වනු ඇති බවට ක්‍රෙම්ලිනය මීට පෙර අනතුරු අඟවා තිබුණි.

ජනපති බයිඩන්ගේ නව තීරණය පිළිබඳව රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රණ සභාවේ ජාත්‍යන්තර සබඳතා කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානී ව්ලැදිමීර් ජබාරෆ් ප්‍රකාශ කළේ එම පියවර තුන්වැනි ලෝක යුද්ධයට මුල්විය හැකි බවය.

අමෙරිකානු පියවර යුක්‍රේනයේම විනාශයට හේතුවනු ඇති බව රුසියානු පාර්ලිමේන්තුවේ ෆෙඩරේෂන් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආන්දේ ක්ලිෂාස් ප්‍රකාශ කළේය.

යුක්‍රේනය විසින් මුලින්ම අමෙරිකානු ඇටකැම්ස් (ATACMS) මිසයිල යොදාගනිමින් රුසියාවේ ආසන්නයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇටකැම්ස් මිසයිලවලට කිලෝමීටර් 300ක පමණ දුරින් පිහිටි ඉලක්කයකට වුවත් ප්‍රහාර එල්ල කළ හැකි නිසා මෙය යුද්ධයේ තීරණාත්මක අවියක් විය හැකි බව නොරහසකි.

එහෙත් එවැනි ප්‍රහාරයකදී රුසියාව කොයි ආකාරයෙන් ප්‍රතිචාර දක්වාවිද යන්න කිසිවෙකුට අනුමාන කළ නොහැකි කරුණකි.

ඊට හේතුව වී ඇත්තේ ලෝකයේ විශාලතම න්‍යෂ්ඨික බලවතා රුසියාව බැවිණි.

යුක්‍රේනයට අමෙරිකානු දිගු දුර මිසයිල රුසියානු භූමිය අභ්‍යන්තරයට එල්ල කිරීම සඳහා අමෙරිකානු අවසරය හිමිවී ඇත්තේ රුසියාව විසින් යුක්‍රේන අගනුවර බලශක්ති මර්මස්ථාන වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගය.

මිසයිල 120ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා 90ක් පමණ යොදාගනිමින් රුසියාව ඊයේ (17) එල්ල කළ එම ප්‍රහාරයේදී යුක්‍රේනයේ බලශක්ති සැපයුම් පද්ධතියට විශාල හානි සිදුව ඇති බව වාර්තා වේ.

ශීත ඍතුව ආසන්නයේ එල්ලවූ මෙම ප්‍රහාරය යුක්‍රේනයට දැරිය නොහැකි පාඩුවක් මෙන්ම ඔවුන් දැඩි අසීරුතාවකට පත්වීමක් බව පැහැදිලි කරුණකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

“IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා