
චීනය විසින් දියත් කළ බරපතළ සයිබර් ඔත්තු බැලීමේ මෙහෙයුමක් පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කරගත් බව FBI සහ අමෙරිකානු සයිබර් ආරක්ෂණ ඒජන්සිය පවසයි.
පසුගිය මාසයේ අග භාගයේදී එම සයිබර් ප්‍රහාරය එල්ලවී තිබූ අතර මුලින් සැක කෙරුණේ අමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපාර ඉලක්ක කර ඇති බවය.
කෙසේවෙතත් මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ එය එක්සත් ජනපද විදුලි සංදේශ පද්ධතිවලට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාරයක් දක්වා පුළුල් විය හැකි බවටය.
අමෙරිකාව පිළිබඳව පුළුල් සෝදිසියක් සිදු කිරීමට චීනය විසින් දරන ලද උත්සාහයක කොටසක් විය හැකි බවට ද අනුමාන කරයි.

















































