සයුරෙන් එතෙර
ඔස්ට්‍රේලියාවේ ප්‍රබල භූ කම්පනයක්
November 14, 2024 11:15 am
ඔස්ට්‍රේලියාවේ, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වෙරළ තීරය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 4.0ක් ලෙස සටහන් ව ඇත.
උදෑසන 10:45ට පමණ පොළොව මට්ටමින් කිලෝ මීටර් 10ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇතැයි සඳහන් ය.
වෙරළාසන්න ප්‍රදේශ කිහිපයක ජනතාවට එම භූ චලනය දැනී තිබුණි.