උදෑසන 10 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

උදෑසන 10 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

November 14, 2024   10:57 am

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10 වන විට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය මේ වනවිට නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක ප්‍රතිශතයන් පහත පරිදි වේ.

ගම්පහ දිස්ත්‍රික්කය  - 20%
කළුතර දිස්ත්‍රික්කය - 20%
යාපනය දිස්ත්‍රික්කය - 16%
මුලතිව් දිස්ත්‍රික්කය - 23%
කිලිනොච්චිය දිස්ත්‍රික්කය  - 25%
කුරුණෑගල දිස්ත්‍රික්කය  - 22%
අනුරාධපුර දිස්ත්‍රික්කය  - 25%
මාතලේ දිස්ත්‍රික්කය  - 24%
වව්නියාව දිස්ත්‍රික්කය - 25%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 23%

10 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් 2024 මහ මැතිවරණ ඡන්ද විමසීම අද (14) උදෑසන 7ට ආරම්භ විය.

මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා සියලුම ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇති අතර මේ දක්වා ප්‍රධාන කිසිදු බරපතළ  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැති බව සඳහන් ය.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් ගණන එක්කෝටි 71ලක්ෂ 40,354කට අවස්ථාව හිමිවෙයි.

මෙවර මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් ගණන 8,888කි.