ඡන්ද විමසීම ආරම්භ වෙයි
November 14, 2024 07:01 am
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර 2024 මහ මැතිවරණයේ සියලු තොරතුරු අවසන් නිළ ඡන්ද ප්‍රථිපලය දක්වා එසැණින් ගෙන ඒමට දෙරණ මාධ්‍ය ජාලය මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර තිබේ.
අද දෙරණ වාර්තාකරුවන් මුළු දිවයිනම ආවරණය වන පරිදි සිය කටයුතු ආරම්භ කර ඇති අතර අද උදෑසන ඡන්ද විමසීම ආරම්භ වු මොහොතේ සිටම විශේෂ මැතිවරණ විකාශය තුළින් එහි යාවත්කාළින තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සුදානමින් සිටියි.
ඒ අනුව අද දෙරණ 24 පැය ප්රවෘත්ති නාලිකාව, ටී.වී දෙරණ, එෆ්.එම් දෙරණ, WWW.ADADERANA.LK වෙබ් අඩවිය ඔස්සේ ඡන්ද විමසීමේ තොරතුරු සහ නිළ ඡන්ද ප්‍රතිඵල එසැණින් ලබා දීමට අද දෙරණ මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබේ.
මීට අමතරව අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම සෑම ජංගම දුරකතන ජාලයකටම නිල ඡන්ද ප්‍රථිපල යොමු කිරීමට දෙරණ මාධ්‍ය ජාලය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.
FACEBOOK, YOUTUBE, සහ X අවකාශය ඔස්සේ ද අද දෙරණ මැතිවරණ විකාශය ඔබ වෙත සමීප කරවීමට ද කටයුතු කර තිබේ.